www.helpworld.cc.cc

එකතු වෙන්න අපිත් එක්ක මෙතනින්

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Sunday, December 8, 2013

ඉන්ටනෙට් යාම වේගවත් කරමු



අදත් මම ආවේ ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් කියල දෙන්න. අපේ කස්ටිය ගොඩක් දෙනෙක් ඉන්ටනෙට් යන්නෙ ඩොන්ගල් එකෙන්නේ. ඉතින් මෙහෙම ඉන්ටනෙට් යන අයට තියෙන ලොකු ම ගැටලුව තමයි නෙට්වර්ක් ස්ලෝ වීම, සිග්නල් නැති වීම. මේකට ගොඩක් දෙනෙක් කරන්නෙ සිම් එක මාරු කරන එක. දැන් මම කියල දෙන්න යන දෙයින් ඔයාලාට කරදරයක් නැතිව ඉන්ටනෙට් යන්න පුළුවන්. එහෙනම් වැඩිය කතා ඕනි නෑ. කෙළින්ම වැඩේට බහිමු.
ඩොන්ගල් වලින් ඉන්ටනෙට් යනවනම් ඉතින් යන්න පුළුවන් හොදම සොෆ්ට්වෙයා එක තමයි Mobile partner කියන්නෙ. ඉතින් මම මේ කියන වැඩේ කරන්න නම් මේ සොෆ්ට්වෙයා එක තියෙන්න ඔනි. සමහර ඩොන්ගල් වල නම් Mobile partner සොෆ්ට්වෙයා එක නෑ. නැති අය මේ මම දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්න.  මගේ ලග තියෙන්නෙ Mobitel Broadband  කියල එකක්. ඒත් මේ Mobile partner සොෆ්ට්වෙයා එකම තමයි. නම විතරයි වෙනස්. ඩොන්ගල් එකටම එන එකනේ.

   Mobile partner බාගන්න මෙතන Click කරන්න
හරි එහෙනම් දැන් වැඩේ පටන් ගමු. මුලින්ම Mobile partner සොෆ්ට්වෙයා එක පරිගණකයට ස්ථාපිත කරගන්නකෝ. දැන් ඩොන්ගල් එක කනෙට් කරල Mobile partner ඕපන් කරන්න.
හරි දැන් මේකෙ ඔයාල ඉන්ටනෙට් යන සිම් එකට හරියන විදියට ප්‍රොෆයිල් එක හදා ගන්න. මම Airtel වලින් ප්‍රොෆයිල් එක හැදුවෙ. ඔයාල දන්නවනෙ ඉතින්  Airtel ගොඩක් පැති වලට සිග්නල් අඩුයිනේ. මම Airtel වලින් සාමාන්‍ය විදිහට ඉන්ටනෙට් යනකොට සිග්නල් පෙන්නන විදිහ පහළ පින්තූරයෙන් ඔයාලට බලා ගන්ට පුළුවන්.





පේනවනේ මේ විදිහට නම් ඉතින් පේජ් එකක් වත් ඕපන් කරන්න බැහ.
එහෙනම් දැන් බලමු කොහොමද සිග්නල් වැඩි කර ගන්නෙ කියලා.  ඔයාලට ලේසි වෙන්නත් එක්ක මම පින්තූර වලින්ම වැඩේ කරන හැටි දාල තියෙනවා. එහෙනම් දැන් වැඩේ පටන් ගමු. මුලින්ම Mobile partner ඔපන් කරල Tools යටතේ තියෙන Options ක්ලික් කරන්න. දැන් ආපු ඩයලොග් බොක්ස් එකේ Network කියන එක ක්ලික් කරන්න.





 දැන් ආපහු මේකෙ උඩ තියෙන Network Type ක්ලික් කරන්න. දැන් ඒකෙ තියෙන ඊ තලය ක්ලික් කරන්න.



මගේ Mobile partner එකේ නම් උපරිම තියෙන්නෙ WCDMA විතරයි. ඒත් අනිත් Mobile partner එකේ 3G කියල තියෙනවා. දැන් මෙතැනින් WCDMA කියන එක තෝරල Apply කරන්න. 3G කියල තියෙනවනම් 3G කියන එක තෝරල Apply කරන්න.  
වැඩේ තාම ඉවර නෑ. තව පොඩි දෙයක තියෙනවා කරන්න.  දැන් ඒකේ උඩින්  තියෙන Registration Mode කියන එක ක්ලික් කරන්න.



දැන් Manual search and register කියන එක දීල Refresh කරන්න.



දැන් ඔයාලට පෙනේවි ඔයා ඉන්න ප්‍රදේශයට අදාළ දුරකථන සමාගම්. එතැනින් ඔයාගෙ සිම් එකට අදාළ සමාගම තෝරල Register කරන්න.






දැන් වැඩේ හරි. දැන් එහෙනම් ඉන්ටනෙට් කනෙට් කරලම බලන්නකෝ. පේනව නේද වෙනස. එහෙනම් ඔන්න අපි ගියා ඊලග පාර තවත් අලුත් දෙයක් අරගෙන එන්නම්කෝ. මතක ඇතිව කමෙන්ට් එකක් දාන්න හොදේ.


Monday, August 5, 2013

Registry දෝෂ සමනය කරන හැටි



                                               ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එකට ගොඩ උනේ...... බ්ලොග් එක පුරාවට මකුළු දැලුත් බැදිල.... ඔක්කොම ක්ලීන් කරල දාන්න ඕනි. වැඩිය කතා ඕනි නෑ. ආව කාරනේ කෙලින්න්ම කියන්නම්කො. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අළුත් වැඩක් ගැන. ඔයාලට මතක ඇතිනෙ කලින් කියල දීපු Ccleaner කියන සොෆ්ට්වෙයා එකෙන් කරන වැඩ ගැන... අද මම කියන්න හදන්නෙත් එ සොෆ්ට්වෙයා එකෙන්ම කරන තවත් වැඩක් ගැන. එහෙනම් වැඩේ පටන් ගමුකෝ....... ඔයාල දන්නවනෙ Computer එරර් මැසේජ් එහෙම. ඒව එන්නෙ මේ කියන රෙජිස්ට්‍රියේ දෝෂ තිබුනම තමයි. ඉතින් ඒ දෝෂ නිවැරදි කරගන්න අපිට මේකෙන් පුලුවන්.
                                                           මුලින්න්ම මෙ සොෆ්ට්වෙයා එක බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්ටකෝ. ඊට පස්සෙ ඒක Open කරගන්නකෝ. පහළ තියෙන රූප දිහා බලල වැඩේ පටන් ගන්න.



  දැන් මෙහි ඇති REGISTRY  කියන එක Click කරන්න

දැන් ඔයාලට මේ විදිට එකක් ඇවිත් ඇති දැන් තමා වඩේ පටන් ගන්න තියෙන්නෙ.
 මුලින්නම මේතන පහල තියෙන Scan issues කියන එක Click කරන්න
ඊට පස්සෙ Scan වෙයි. Scan වෙලා ඉවර උනාට  පස්සෙ Fix selected issues කියන එක කරන්න   




දැන් මේ විදියට Message එකක් ඒයි. මෙකෙන් කියන්නෙ අපි ක්ලීන් කරන්න හදන රෙජිස්ට්‍රි ෆයිල් Backup ෆයිල් එකක් විදියට සේව් කරන්නද කියලා. එහෙම අහන්නෙ හ්දිස්සියේවත් ඔයාල රෙජිස්ට්‍රි ක්ලීන් කලාට පස්සෙ මොකක් හරි අව්ලක් උනොත් කියල. එහෙම උනොත් අපිට පුලුවන් මෙ ෆයිල් එක ආපහු Restore කරන්න. ඒක නිසා මේක කරන එක හොදයි. 

දැන් මේකෙ Fix all selected issues කියන එක කරන්න. ඊට පස්සෙ වැඩේ ඉවරයි. එහෙනම් කරලම බලන්නකෝ.............



         











Saturday, May 4, 2013

Disk Cleanup කරන්න කියාපු සොෆ්ට්වෙයා එක



අද මම ඔයාලට කියල දෙන්න යන්නේ තවත් අලුත් සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන. මේකෙ නම CCleaner. ඇත්තටම මේක අපට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල දන්නව අතිනෙ Disk Cleanup ගැන. දන්නෙ නැති අයත් ඇති. Disk Cleanup වලින් කෙරෙන්නෙ ඔයාලගෙ පරිගනකයේ ඇති වැඩකට නැති ෆයිල් මකා දැමීම. කොටින්ම කිවොත් Temporary ෆයිල් මකා දැමීම. දන් ඔයාල බලයි මොනාද මෙ Temporary ෆයිල් කියන්නෙ කියලා.
                                 
                                       Temporary ෆයිල් කියන්නෙ ඔයාලගෙ පරිගනකයට අලුතින් ස්තාපිත  (Install) කරන සොෆ්ට්වෙයා, ගේම් වගෙ එවයින් හැදෙන තවකාලික ෆයිල්. මේ Temporary ෆයිල් නිසා පරිගනකය තරමක් දුරට මන්දගාමී වෙනවා.
                  
                          ඉතින් මෙ ෆයිල් අපට එකින් එක මකා දාන්ට බෑනේ. එක කරන්න හොදම විසදුම තමයි සොෆ්ට්වෙයා එකකින් මකල දාන එක. ඉතින් මේ වැඩේ කරන්න හොදම බාන්ඩෙ තමයි CCleaner. මේ සොෆ්ට්වෙයා එකෙ තියෙන වැදගත්කම තමයි මෙකෙන් අපට පුලුවන් පරිගනකයෙ ඇති Temporary ෆයිල් මොනවද කියල බලා ගන්න. තවද අපට ප්‍රයෝජනවත් ෆයිල් ඉතිරි කර අනිත් ඒව මකල දාන්ට පුලුවන්.
(Internet History, Saved password වගේ ඒවා ) මීට අමතරව මේ සොෆ්ට්වෙයා එකෙන් මේ වැඩේට අමතර තව වැඩ ගොඩක් කරන්න පුලුවන්
      
එහෙනම් බලමු කොහොමද මේකෙන් ඩිස්ක් ක්ලීන් අප් කරන්නෙ කියලා... මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්නකෝ. 



මුලින්න්ම CCleaner ඕපන් කරලා Cleaner කියන තැන ක්ලික් කරන්න.



දැන් ඊට පස්සෙ මෙතන වම් පැත්තෙ තියෙන තොරතුරු වලින් මකල දාන්ට උවමනා නැති ඒව තෝරල හරි ලකුණ ඉවත් කරන්න (Internet History, Saved password  වගේ එව )


දැන් Analyze කියන තැන ක්ලික් කරන්න



දැන් Run cleaner ක්ලික් කරන්න.



දැන් සේරම හරි. එහෙනම් කරලම බලන්නකෝ....... මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා ඒව ගැන ඊලග පෝස්ට් එකෙන් කියන්නම්.... මතක ඇතුව කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.......


Wednesday, April 10, 2013

කම්ප්‍රෙස් කරන්න කියාපු බාන්ඩෙ



හායි යාළුවනෙ.......... මෙ මගෙ පළවෙනි පොස්ට් එක....... ලගදි තමා මම බ්ලොග් එක හැදුවෙ....
ඉතින් මම මුලින්ම මතක් කරන්න ඔනි, මට මෙ බ්ලොග් එක හදන්න කියල දීපු සැමදෙයක්ම බ්ලොග් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.... මෙ මගෙ පළවෙනිම පොස්ට් එක ඉතින් මම හිතුව පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියල දෙන්ට. මෙකෙ නම KGB ARCHIVER මෙහෙම කියනකොට ඔයාල බලයි මෙ මොකද්ද කියලා... මෙක අත්තටම අපට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල හොදටම දන්නව අතිනෙ WINRAR ගැන මෙකත් වගෙ එකක් තමා. මෙකෙන් අපිට පුලුවන් ෆය්ල් කම්ප්‍රෙස් කරන්න. කොටිමන්ම කීවොත් 100MB ෆය්ල් එකක් 10 MBක ෆය්ල් එකක් බවට හරව ගන්න පුළුවන්. හාඩ් එකෙ ඉඩ වැඩි කරගන්න කියාපු බාන්ඩෙ. හැබයි මෙකට ටිකක් වෙලා යනව.
මෙකෙන් දෙවිදිහකට කම්ප්‍රෙස් කරන්න පුලුවන්. එ තමා  ZIP සහ KGB......
ZIP විදිහට කම්ප්‍රෙස් කරනකොට එච්චර පොඩි ෆය්ල් එකක් ගානට කම්ප්‍රෙස් කරන්නනම් බෑ. හැබැයි KGB ක්‍රමෙ කරනකොට මම ඉස්සෙල්ල කියපු ගානට කම්ප්‍රෙස් කරන්න පුලුවන්. හබයි KGB විදිහට කම්ප්‍රෙස් කරපු අපහු දිග අරින්න පුළුවන් වෙන්නෙ මෙ සොෆ්ට්වෙයා එකෙන් විතරයි.
එහෙනම් ඉතින් මෙ අරගෙනම බලන්නකො කොහොමද කියලා....

                        ඉතින් ඔයාලගෙ ප්‍රතිචාර කොහොමද කියල මට කියලම යන්න හරිද.... මෙs              මගෙ පළවෙනිම වැඩෙනෙ. තව අලුත් දෙවල් ඉදිරියට කියල දෙන්ම්කේ‍..............     




 

අනන්මනන් බ්ලොග් Blogger Templates Designed by productive dreams | Free Wordpress Templates. presents HD TV Watch Futurama Online. Featured on Singapore Wedding Cakes. © 2011