www.helpworld.cc.cc

එකතු වෙන්න අපිත් එක්ක මෙතනින්

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Monday, February 10, 2014

තාවකාලික සොෆ්ට්වෙයා, ගේම්ස් සදාකාලික කරගන්න




ඔන්න අදත් මම අලුත් සොෆ්ට්වෙයා කෑල්ලක් ඔයාලට අරගෙන ආවා........ මේ සොෆ්ට්වෙයා  එකනම් ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වන, ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ අන්තර්ජාලයෙන් නොමිලේ දෙන සොෆ්ට්වෙයා, ගේම්ස් එහෙමනේ.... කවුරුවත් සල්ලි දීල මේව ගන්නෙ නැහනේ. ඉතින් මෙහෙම නොමිලේ දෙන ගොඩක් ඒව තාවකාලික ඒවනෙ අපිට හම්බ වෙන්නෙ. ඒව දවසකින්, සතියකින්, මාසෙකින් වගේ කාලෙකින් අක්‍රීය වෙනව. ඉතින් හැමදාම මෙහෙම තාවකාලික දේවල් පාවිච්චි කරන්න එපා වෙනවනේ. ඉතින් මම අද ගෙනාපු සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් මේ තාවකාලික සොෆ්ට්වෙයා, ගේම්ස් සදාකාලික කරගන්න. ආසයි නේ.......

 එහෙනම් වැඩිය කතා ඕනි නෑ..... කෙලින්ම වැඩේට එන්ටර් වෙමු. මුලින්ම මම මේ පහත දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්නකෝ... අහ් මම මේ සොෆ්ට්වෙයා එක හොයා ගන්න මාර කට්ටක් කෑවෙ. නෙට් එකේ දවස් ගානක් හොයල හොයල අන්තිමේට හම්බුනා... ඒකත් ඔන්ලයින් ඉන්ස්ටෝල් කරන්න තිබ්බෙ. ඉතින් මම ඒක බාගෙන ඔයාලටත් දෙන්න ඕනි නිසා  පොර්ටබල් විදිහට මීඩියා ෆයර් එකට දැම්ම. ඔන්න ලින්ක් එක. එහෙනම් බාගන්නකෝ....
මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්නකෝ. එතකොට මෙහෙම පෙනේවි.



දැන්  එකේ BROWSE කියන බට්න් එක ක්ලික් කරන්න.



දැන් ඔයාල ඉන්ස්ටෝල් කරල තියෙන තාවකාලික සොෆ්ට්වෙයා එකක අයිකන් එක තෝරල දෙන්න.
 දැන් ENTER A NAME FOR CREATE DESKTOP ICON කියන තැනට නමක් දීල CREATE DESKTOP SHORT-CUT කියන එක දීල EXIT වෙන්න. 

දැන් ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකේ අලුත් අයිකන් එකක් හැදිල ඇති. එකෙන් පුලුවන් ඔයලගෙ සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න. දැන් ඉතින් කල් ඉකුත් වෙන සොෆ්ට්වෙයා, ගේම්ස් ගින්නක් නැතිව ඕනිම කාලයක් තියා ගන්න පුලුවන්.
වැඩේ කරල කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ...... මොනව හරි අව්ලක් උනොත් කියන්නකෝ.....

0 comments:

Post a Comment

 

අනන්මනන් බ්ලොග් Blogger Templates Designed by productive dreams | Free Wordpress Templates. presents HD TV Watch Futurama Online. Featured on Singapore Wedding Cakes. © 2011